ජාතික ශිෂ්‍ය භට බළකායේ හත්වන බළඇණියේ 2023 තූර්‍යවාදක තෝරාගැනීම් පරීක්ෂණ අද දින නාලන්දා පිරිමි විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණ. ඝණ සරඹ ,ශාරීරික අභ්‍යාස සහ අධ්‍යක්ෂ පරීක්ෂණ යන කාණ්ඩ යටතේ පැවැති එම පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට නාලන්දා විද්‍යාලයීය ජ්‍යේෂ්ඨ තූර්‍යවාදක ශිෂ්‍ය භට ඛණ්ඩය සමත්විය. එය තූර්‍යවාදක ශිෂ්‍ය භට ඛණ්ඩය පාසැල තුළ පිහිටුවා වසර තිස් එකක් තුළ , හත්වන බළඇණියේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් පළමු අවස්ථාව ලෙස සනිටුහන් වීම එහි සුවිශේෂී අවස්ථාවයි.