COLOR OPTION

RTL

කන්නංගර සැමරුම් උත්සවය 2024

ආදි ශිෂ්‍ය සංගමය විසින් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ්. කන්නංගර ශ්‍රීමතානන්ගේ ගුණ අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන කන්නංගර සැමරුම් උත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සංස්කෘතික අමාත්‍යංශයේ අතිරේක ලේකම්, අප විදුහලේ කිරීතිමත් ආදි ශිෂ්‍ය තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැති මෙම සැමරුම් උත්සවය සඳහා විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුලු පාසල් පරිපාලනය, වත්මන් සිසුන්, ආදි සිසුන් සහ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරී මහතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ⁣එහිදී මෙම උත්සවයට සමගාමීව ඉකුත් සිකුරාදා (27) පාසල් මට්ටමින් සංවිධානය කෙරුණු පද්‍ය රචනා, පද්‍ය ගායනා, ගද්‍ය රචනා, කථික, චිත්‍ර සහ දැනුම මිනුම යන තරග වලින් ජයග්‍රහණය ලැබූ සිසුන් හට සහතික පත්‍ර ප්‍රදානය කිරමද සිදු කෙරිණි.