හරිත වර්ණයෙන් සුසැදි මිනුවන්ගොඩ නගරයේ තිබූ විශාල තේක්ක වත්තක කොටසක් එළිකර, පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක් තරම් වූ පාසලක් එහි ඉදිවිය. එය තේක්ක වත්ත විද්‍යාලය නම් විය. එ් 1912 වර්ෂයේ දීය.
සුවහසක් දරුවන්ට නැණ නුවණ කියා දෙන මිනුවන්ගොඩ නාලන්ද මධ්‍ය මහා විද්‍යාලය නමින් ප‍්‍රකටව වැජඹෙන විදුහලෙහි ආරම්භය සනිටුහන් වන්නේ මෙපරිද්දෙනි. මෙසේ ඇරඹි පාසල 1918 වර්ෂය වන විට මිනුවන්ගොඩ ද්විභාෂා රජයේ බාලිකා විද්‍යාලය නමින් ප‍්‍රසිද්ධ විය.
1923 වර්ෂයේ දී පාසලට මුල් ගුරුතුමියක් පත්ව ආ අතර ඇය නමින් ඞී.එල්.ආර්.එම්. සමරවික‍්‍රම නම් වූවා ය.
නිදහස් අධ්‍යාපනයේ උරුමය ලාංකේය දරුවන් අතරට ගලා යමින් මැදි විදුහල ් සංකල්පය මත මුල්වරට නම් කළ මධ්‍ය විද්‍යාල 9න් එකක් ලෙෂ 1943 නොවැම්බර් 02 වැනි දා පසල මධ්‍ය විද්‍යාලයක් බවට පිත් විය. ඊ.ඩබ්.පී. සමරසිංහ මහතා ප‍්‍රථම විදුහල්පතිවරයා විය.
1945 වසරේ කොළඹ නාලන්දා විද්‍යාලයේ කොටසක් මෙම විද්‍යාලයට ගෙන නමින් මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලය නමින් මිශ‍්‍ර පාසලක් ලෙස වෙනම ම පවත්වාගෙන් ගොස් ඇත. 1972 වසරට ආසන්න වසරක නාලන්ද මහා විද්‍යාලයේ සිටි සුයලූ ම පිරිමි ළමුන් ඇතුළත්කර ගනිමින් මැදි විදුහල නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලය ලෙෂ නම්කර ඇත. නැවත 1988 වර්ෂයේ ජනවාරි 26 වන දින මිනු/නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලය, ජාතික පාසලක් බවට පරිවර්තනය කර ඇත.
එවන් වූ අභිමානවත් අතීතයකට උරුමකම් කියන නාලන්දා මැදි විදුහල් මාතාව මේ වන විට දීප්තිමත් වූ වර්තමානයකට උරුමකම් කියාපාන්නී ය.
විද්‍යා, ගණිත, වාණිජ, කලා, සෞන්දර්ය, ක‍්‍රීඩා යන ආදී සෑම අංශයකින්ම උසස ් අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් මෙම විද්‍යාලය සතුව තිබේ.
ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ ජය කෙහෙලි නැංවීමට නාලන්දීය පුතුන් සමත් වී ඇත. එ් අනුව 2018 වර්ෂයේ දී තයිකොණ්ඩු ක‍්‍රීඩාව තුළින් අන්තර් ජාතික ජයග‍්‍රහණ ලබා ඇති අතර පසුගිය වසර කිහිපය තුළ දී ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අවස්ථා බොහොමයක දී ක‍්‍රීඩා වර්ණ ලබා ගැනීම විශේෂ ජයග‍්‍රහණයකි.
විද්‍යාලයීය ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩය සමස්ත ලංකා ජයග‍්‍රහණ ලබා ගනිමින් ජාතික මට්ටමේ ඇගයීම්යලට බ`දුන් වී ඇත. වර්තමානය වන විට පාසල තුළ ප‍්‍රධාන ක‍්‍රීඩා 10කට මුල් තැන දෙමින් ක‍්‍රීඩා කටයුතු නැවත ආරම්භකර ඇත.
විෂ්‍ය සමගාමී කටයුතු, විෂය බාහිර කටයුතු මෙන් ම සංවර බව, එකමුතු බව මනා හික්මීම වැනි යහ ගුණාංගයන්ගෙන් නාලන්දාවන් පොහොසත් කරමින් වර්තමානය වන විට නාලන්දා මාතාව යෙහෙන් වැජඹෙන්නීය.